තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාලුමුවදොර ගැටුම ගැන කල්තියාම බුද්ධි අංශ පොලිස් ලොක්කන්ට කියල

    ගාලුමුවදොර ගැටුම ගැන කල්තියාම බුද්ධි අංශ පොලිස් ලොක්කන්ට කියල

    ගාලුමුවදොර ගැටුම ගැන කල්තියාම බුද්ධි අංශ විසින් පොලිස්පතිවරයා දැනුවත්කරමින් ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙස දැනුවත්කර තිබී ඇත.

    ඊට අමතරව වට්ස්ඇප් පණිවුඩයක් මගින් තවත් පොලිස් ලොක්කන් කිහිපදෙනෙකුට එම තොරතුර බුද්ධි අංශ විසින් ලබාදී ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    තමාට ලද එම තොරතුර සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සුදුසු ආරක්ෂක පියවර ගන්නා ලෙස බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාව ප්‍රහාරයට පෙර දින ලිඛිතව දැනුවත් කර ඇත්තේ අදාල බුද්ධි තොරතුරද සමඟිනි.

    දේශබන්දු තෙන්නකෝන් මහතාද එම ලිපිය සියතට ලද සැණින් කොළඹ නියෝජ්‍ය පොලිස්පති සහ කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් කොට්ඨාශභාර පොලිස් ප්‍රධානීන්ට යොමු කරමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

    ඊට අමතරව එහි පිටපතක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට යොමුකරමින් පසුදින එනම් 2022.05.09 දින උදෑසන සිදුවීම් වාර්තාව ඉදිරිපත් කිරීමේදී තමාව දැනුවත් කරන ලෙසට කටයුතු කරන ලෙසද දැනුවත් කර ඇත.

    ගාලුමුවදොර පිටියට ප්‍රහාරයක් එල්ලවන්නේ මෙසේ බුද්ධි අංශ තොරතුරු පැහැදිලිවම ලබාදී තිබියදීත් උසස් පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් තමන් යටතේ සිටින වගකිව යුතු නිලධාරීන් දැනුවත්කර තිබියදීත්ය.

     

     

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img