Home උණුසුම් පුවත් ගාලුමුවදොර පහරදීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2ක් අත්අඩංගුවට

ගාලුමුවදොර පහරදීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2ක් අත්අඩංගුවට

ගාලුමුවදොර පහරදීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2ක් අත්අඩංගුවට

ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන මහත්වරුන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ස්ථාන දෙකක දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථාන තොරතුරු සදහන් කළේය.

මේ වන විට බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here