මුල් පිටුව උණුසුම් පුවත් “අමාරුම සති කිහිපය ඉදිරියේදී.. හැබැයි අපි ගොඩඑනවා” -අගමැති

“අමාරුම සති කිහිපය ඉදිරියේදී.. හැබැයි අපි ගොඩඑනවා” -අගමැති

0
  • ඉදිරි සති කිහිපය තමයි අමාරුම
  • මේ ගමන එකට ගියොත් ගොඩඑන්න පුළුවන් බව විශ්වාසයි
  • ගෝටාගෝගම ආරක්ෂා කරන්න කොමිටියක්
  • විදේශ සහය ඉල්ලුවා ලැබෙන්න මාස දෙක තුනක්වත් යයි

 

මෙරට පවතින ආර්ථික තත්ත්වය යථා මටම්මට ගෙන ඒම විදේශ රාජ්‍ය සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති බවත් ඊට අදාල කටයුතු අවසන් කිරීමට තවත් මාස කීපයක් ගතවනු ඇති බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා අද රාත්‍රියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළ අතර ඉදිරි සති කිහිපය තුල මෙරට ජනතාවට දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔහු එහිද පෙන්වා දුන්නේය.

අග්‍රාමත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙලෙස පළකරන්නෙමු.

“මිත්‍ර රටවල් ගණනාවක තානාපතිවරුන් හා අනිත් නියෝජිතයින් සමඟ මම ඊයෙත් අදත් සාකච්ඡා කළා. එහි ප්‍රතිචාර හොඳයි. ඒත් අපිට සිදුවෙනවා ඒ රටවල්වලට අපිට අද තියෙන තත්ත්වය දැනුම් දීලා මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරලා අදාල ගිවිසුමවලට ඇතුළුවෙන්න.
ඉන්දියාව වගේ රටවල් එක්ක ඒවගේ වැඩකටයුතු දැනටමත් ආරම්භ කරලයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ වැඩකටයුතු අවසන් කරන්න මාස දෙකක් තුනක් යයි. ඊට පස්සේ මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන අනාගතය සුබ අතට හැරෙන්න ඉඩ තියෙනවා.

ඉතින් විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟත් ඒ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒත් ඒවගේම අපි දැන් යන යුගයට ඊළඟ සති කිහිපයේදී තමයි අපිට අමාරුකම්වලට මුහුණ දෙන්න තියෙන්නේ. ඊයෙත් අදත් විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය, අපේ ඉන්ධන තත්ත්වය, පෙහොර තත්ත්වය හැම එකක් ගැනම සමාලෝචනය කළා.

ඒ සමාලෝචනයේදී පෙනෙන්නේ අපි තාම සූදානමක් නොතිබුන නිසා අපිට යම්කිසි හිඟයකට ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබෙනවා කියලයි. ඉතින් අපි ඇත්ත වශයෙන්ම ඊළඟ සති කිහිපය තුලදි තමයි අපිට අමාරුම කාලය එන්නේ.

ඒ ගැන මම හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් වගේ විශ්වාසය තියෙනවා අපි මේ ගමන එකට ගිහින් මේ ආර්ථික හානියෙන් අපිට ගොඩඑන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මේ රටේ ඇතිවෙලා තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා තරුණ හඬක් ඇතිවෙලා තියෙනවා.

ඒ තරුණ හඬ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ අපිට වෙනසක් ඕනේ කියලයි. ඉදිරියට යන්න ඕනේ කියලයි. මේ තරුණ හඬේ සංකේතය තමයි ගෝඨාගෝගම. අන්න ඒ ප්‍රදේශය ගැනත් මම පියවර කිහිපයක් අරගෙන තියෙනවා.

මම ප්‍රකාශ කරලා තියෙන්නේ අපි ගෝඨාගෝගම ඉවත් කරන්නේ නැහැ කියලයි. ඒක අපි ආරක්ෂා කරනවා. ඒ නිසයි ඒ වැඩකටයුතු ඉදිරියට ගෙනියන්න මම රුවන් විජේවර්ධන හිටපු අමැතිතුමා පත්කළා, නගර සභාවේ උදව් සඳහා නගරාධිපති තුමියත් ඒ සමඟම මේ භූමිය අයිති නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙකුත් ඒත් එක්කම මෙතන වැඩකටයුතු කිරීමට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යශයේ නියෝජිතයෙකුත් සාමය අරක්ෂා කිරීමට පොලිසියේ නියෝජිතයෙකුත් හමුදාවේ නියොජිතයෙකුත් සමඟ අපි කොමිටියක් පත්කරලා තියෙනවා.
මේ සියලු දෙනා එක්කම සාකච්ඡා කරලා වුවමනා පියවරගන්නත් ඒ ප්‍රදේශය ආරක්ෂා කරන්නත්. ඒ වගේම වුවමනා මූලික සේවා සපයලා දෙන්න.

ගෝඨාගෝගම පාලනය කරන්න ඕනේ එතන ඉන්න කණ්ඩායම ආණ්ඩුව නෙමෙයි. අපිට තියෙන්න ඒකට සහය දෙන්න. ඒ එක්කම අපි තව කණ්ඩායමක් පත්කරලා තියෙනවා ගෝඨාගෝගමේ යෝජනා ඉදිරිපත් කරන්නත් තරුණ හඬ කොහොමද ආණ්ඩුවට එකතුකරගන්නේ. අපේ වැඩකටයුතුවලට එකතු කරගන්නේ පාර්ලිමේන්තු වැඩ එකතු කරගන්නේ කෙහොමද ඒවා ක්‍රියත්මක කරන්නේ ඒ වගේම මට එවලා තියෙනවා ඒ අයගේ යොජනා 8.

ඒවත් සාකච්ඡා කරන්න කැමතී. ඒ යටත් අපේ තවත් කිහිපදෙනෙකු පත්කරලා තියෙනවා. අපි වෙනම වෙබ් අඩවියක් ආරම්භ කරලා තියෙනවා. තරුණ හඬ එක්ක ඒ වුමනා වෙනස්කම් ඇති කරන්න ඕනේ. ඒ වගේම ඔබ ගෙනියන උද්ඝෝෂණයට කවුරුවත් හානි කරන්නේ නැහැ.”

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version