Home උණුසුම් පුවත් චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ 2023 ආසියානු කුසලාන තරගාවලිය වෙනත් රටක දී

චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ 2023 ආසියානු කුසලාන තරගාවලිය වෙනත් රටක දී

චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ 2023 ආසියානු කුසලාන තරගාවලිය වෙනත් රටක දී

 
2023 වසරේ චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය වෙනත් රටක පැවැත්වීමට තීරණය කෙරේ.

එම තරගාවලිය 2023 වසරේ ජුනි 16වැනි දා සිට, ජූලි 16වැනි දා දක්වා චීනයේ පැවැත්වීමට නියමිතව තිබිණ.

ආසියානු පාපන්දු සම්මේලනය, චීනයේ පාපන්දු සංගමය හා 2023 ආසියානු කුසලාන තරගාවලියේ චීන සංවිධායක කමිටුව ඒකාබද්ධ ව සාකච්ඡා කිරීමෙන් පසු තීරණය ක‍ර ඇත්තේ, කොරොනා වසංගත බලපෑම් හේතුවෙන් මෙම තරගාවලිය චීනය වෙනුවට වෙනත් රටක පැවැත්වීම සුදුසු බවයි.

තරගාවලිය පැවැත්වෙන නව ස්ථානය හැකි ඉක්මණින් තීරණය කෙරෙන බව ද, ආසියානු කුසලාන සඳහා වන චීන සංවිධායක කමිටු නිල වෙබ් අඩවිය අද(14) හෙළිකළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here