Home උණුසුම් පුවත් යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරගන්න සහාය දෙන බව චීන ජනපති කියයි

යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරගන්න සහාය දෙන බව චීන ජනපති කියයි

යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරගන්න සහාය දෙන බව චීන ජනපති කියයි

 
යුරෝපයේ ආරක්ෂාව යුරෝපා රටවල් විසින්ම තහවුරු කරගැනීම සඳහා සහාය දෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජර්මානු සහ ප්‍රංශ නායකයන් සමග පසුගියදා කළ සාකච්ඡාවල දී ය.

ඉකුත් මැයි 9 ,10 දිනවල, චීන ජනපතිවරයා ජර්මානු චාන්සලර් ඕලෆ් ස්කොල්ස් මහතා සමග වීඩියෝ ආකාරයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සමග ද දුරකථන සංවාදයක නිරතවිය. යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරගැනීමට සහාය දෙන බව හෙතෙම එහිදී පවසා තිබේ.

මාස දෙකක් ගත වී ඇතත්, රුසියාව සහ යුක්රේන  ගැටුම සමනය වීමේ සලකුණක් නොපෙනේ. මෙම ගැටුම හේතුවෙන් යුරෝපය, ආරක්ෂාව පිළිබඳ අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

යුරෝපයේ අධිකාරීත්වය සීමා කරමින්, යුරෝපා මූලෝපායික ස්වාධීනත්ව ක්‍රියාවලියට බාධා එල්ල කරන කණ්ඩායම්  සම්බන්ධයෙන් විශේෂයෙන් සුපරීක්ෂාකාරී විය යුතු බව ද චීන ජනපතිවරයා පවසා ඇත. චීනයේ යෝජනාව ප්‍රංශ ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here