මුල් පිටුව උණුසුම් පුවත් මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් සමාගමේ ගබඩාව බිඳ සොරාගත් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් සමාගමේ ගබඩාව බිඳ සොරාගත් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී

0

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත පුද්ගලික සමාගමක ගබඩාවක් බිඳ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොරාගැනීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රඹුක්කන පොලීසිය එම සොරකමට සම්බන්ද සැකකරුවෙක් පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 11 වෙනිදා මෙම සොරකම සිදුව ඇත්තේ රඹුක්කන දොබේමඩ ප්‍රදේශයේදීය.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවරදි වියේ පසුවන රඹුක්කන උඩගලදෙණියේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කරයි.

සොරාගත් පුපුරණ ද්‍රව්‍ය මෙම සොරකමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු සතුව ඇති බව අත්අඩංගුවටගත් සැකකරු හෙළිකර කළ බව පොලීසිය කියයි. ඒ අනුව පොලිස් කණ්ඩායමක් ඊයේ සවස රඹුක්කන හේවාදිවල පිහිටි එම නිවස වටලන විට එහි සිටි සැකකරු පළාගොස් සිට ඇත. නිවස සහ ගෙවත්ත පරීක්ෂා කිරීමේදී නිවස පිටුපස වලදමා තිබී සොරාගත් වෝටර් ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 33යි ග්‍රෑම් 625ක් හා විදුලි ඩෙටනේටර් 200 ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version