මුල් පිටුව උණුසුම් පුවත් “නිවාඩු ගැන නොහිතා වැඩකරන්න ලෑස්ති වෙන්න” – අගමැති කාර්ය මණ්ඩලයට කියයි

“නිවාඩු ගැන නොහිතා වැඩකරන්න ලෑස්ති වෙන්න” – අගමැති කාර්ය මණ්ඩලයට කියයි

0

රටතුළ පැනනැගී තිබෙන ගැටළුවලට විසඳුම් දීමට පෙර ඒ පිළිබඳව ජනතාවට ඇත්ත කීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මෙි වනවිට රටතුළ පවතින ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ පිළිබඳ සත්‍ය තත්ත්වය අග්‍රාමාත්‍යවරයා විසින් ලබන සඳුදා (16) ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම නිවාඩු දින ගැන නොසිතා අඛණ්ඩව වැඩ කිරීමට සූදානම් වන ලෙසද අග්‍රාමාත්‍යවරයා සිය කාර්ය මණ්ඩලයට අද(13) දැනුම් දී තිබේ.

ඒ අනුව වෙසක් පෝය දිනය ද ඇතුළු ඉදිරි නිවාඩු සති අන්තය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අඛණ්ඩ වැඩ සතියක් වනු ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version