මුල් පිටුව දේශීය පුවත් කඳුළු ගෑස් අවිය පුපුරා මිය ගිය නිලධාරියා වෙනුවෙන් පොලීසිය කළ දේ

කඳුළු ගෑස් අවිය පුපුරා මිය ගිය නිලධාරියා වෙනුවෙන් පොලීසිය කළ දේ

0

අරලියගහ මන්දිරය අසල උද්ඝෝෂකයන් පාලනය කිරීමට ගොස් කඳුළු ගෑස් අවිය පුපුරායාමෙන් තුවාල ලබා මිය ගිය උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් පරීක්ෂක තනතුරට උසස්කරමින් බිරිඳ හා දරුවන්ට රුපියල් ලක්ෂ 50 ක මුදලක් පොලිස් ත්‍යාග අරමුදලෙන් ලබාදීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ;

පී. රංගන තුෂාර නම් වූ එම පොලිස් නිලධාරියා අනතුරට ලක්වන්නේ ඉකුත් 09 වෙනිදා රාත්‍රියේදීය. බරපතල තුවාල ලැබූ ඔහු ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව 10 වෙනිදා අළුයම් කාලයේදී මිය ගියේය.

මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ මෙම නිලධාරියා එදින කැරළි මර්දන කණ්ඩායම් මෙහෙයවමින් සිය රාජකාරියේ නිරතව සිට ඇත. කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරන රයිෆලයේ ඇතිවුණු කාර්මික දෝෂයක් හේතුවෙන් එය පුපුරා යාමෙන් එම නිලධාරියා අනතුරට ලක්වූ බව පොලීසිය කියයි.

පොලිස් මූලස්ථානය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ඉකුත් 09 වෙනිදා රාත්‍රී කාලයේ අරලියගහ මන්දිරය අසලට පැමිණි උද්ඝෝෂණකරුවන් විශාල පිරිසක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් මන්දිරය තුළට ඇතුළුවීමට උත්සහ කිරීමේදී එහි කැරලි මර්දන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් උද්ඝෝෂකරුවන්ට මන්දිරය තුළට යාමට ඉඩනොදී විශාල පරීශ්‍රමයක් දරා මැඩ පැවැත්වීමට කටයුතු කරන ලද බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version