මුල් පිටුව COVID උතුරු කොරියාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

උතුරු කොරියාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

0
Korea, North National Flag at medical, surgical, protection mask on black wooden background. Coronavirus Covid–19, Prevent infection, illness or flu. State of Emergency, Lockdown...

උතුරු කොරියාවෙන් පළමුවරට නිල වශයෙන් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී තිබේ.

ඒ අනුව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය විසින් මෙම මරණය නිල වශයෙන් වාර්තා කර තිබූ අතර තවත් ලක්ෂයකට අධික පිරිසක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද සඳහන් කර තිබිණි.

කොරෝනා වෛරසය ලොව පුරා දරුණු ලෙස පැතිරයන අවස්ථාවේදී පවා කිසිඳු ආසාදිතයකු වාර්තා නොවු උතුරු කොරියාවේ මේවන විට ආසදිතයින් වාර්තා වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානය යොමු කර තිබේ.

ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමේදී පෙන්නුම් කරන රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන පිරිස් රටපුරා වාර්තා වන බවද එකලක්ෂ අසූ හත්දහස් අටසියයක පිරිසක් දැනටමත් හුදෙකලා කර ප්‍රතිකාර ලබන බවද උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර දළ වශයෙන් තුන් ලක්ෂ පනස් දහසකට අධික පිරිසකට මේවන විට උණ ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරනු බවද එම පිරිසට බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා වු දහ අටදහසක පිරිසද ඇතුලත් බවද උතුරු කොරියාව ප්‍රකාශ කරයි.

මෙම පිරිසෙන් එක්ලක්ෂ හැට දෙදහස් දෙසීයකට මේවන විටත් ප්‍රතිකර කර ඇති බවද උතුරු කොරියානු රජය සඳහන් කළද ඔවුන් අතරින් කොරෝනා වෛරසය ආසාදිතවූවන් කොපමණ සිටීද යන්න මේවන තෙක් වේදනය කර නොමැත.

කෙසේ වෙතත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන පිරිසෙන් හයෙදනෙකු මරණයට පත්ව ඇති බවත් ඉන් එක් අයෙකු හට ඔමික්‍රෝන ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද උතුරු කොරියාව සඳහන් කරයි.

උතුරු කොරියාව සතුව කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට බටහිර විශ්ලේෂඛයින් පවසන අතර ඔවුන් කොරෝනා මර්ධන එන්නත්කරණයට යොමු නොවූ ලොව රටවල් කිහිපයෙන් එකක්ද වේ. කොවැක්ස් වැඩසටන යටතේ එන්නත් ලබාදීමට එකඟ වුවද උතුරුකොරියාව එය ප්‍රතික්ෂේප කළේය.

කෙසේවෙතත් මේවන විට උතුරුකොරියාව තුල සංචරන සීමා පැනවීමට එරට නායක කිම් ජොංග් උන් තීරණය කර ඇති බවත් විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් ක්‍රියත්මක කරන ලෙසට නියෝග කර ඇති බවත් බටහිර මාධ්‍ය වාර්තා කරයි.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version