මුල් පිටුව උණුසුම් පුවත් රනිල්ගේ ආණ්ඩුවට සහය නොදීමට ශ්‍රීලනිප ප්‍රමුඛ පක්ෂ 11 න් තීරණයක්

රනිල්ගේ ආණ්ඩුවට සහය නොදීමට ශ්‍රීලනිප ප්‍රමුඛ පක්ෂ 11 න් තීරණයක්

0

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම හා ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පක්ෂ 10 කණ්ඩායම වෙන වෙනම මාධ්‍ය සාකච්ඡා දෙකක් පවත්වා තිබේ.

අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීම සම්බන්ධයෙන් එම මාධ්‍ය හමු දෙකේදීම ඔවුන් සිය විරෝධයන් දක්වමින් ඇති අතර ඔවුන් එක හෙළා සදහන් කරනුයේ අන්තර්වාර පාලනයක් සඳහා තම කණ්ඩායම පෙනී සිටින බවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුවට සහය නොදක්වන බවය.

එම ප්‍රකාශය ඔහු විසින් කරනුයේ අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුවය. එසේම එම ආණ්ඩුවේ කිසිදු තනතුරක් නොගන්නා බවද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

”රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කරන රජයේ කිසිම ආකරයකින් අපි කොටස්කාරයෙක් වෙන්නෙ නැහැ” යැයිද එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

රටට හිතැති යහපත් කටයුතුවලට පමණක් සහයෝගය ලබා දෙනවා යැයිද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

පක්ෂ 10 කණ්ඩායම පැවති මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද අවධාරණය කරනු ලැබුවේ නව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන බවත් ඔහුගේ ආණ්ඩුවට සම්බන්ධය කටයුතු නොකරන බවත්ය.

හිටපු අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කරනු ලැබුවේ ආණ්ඩුවව පෙරලීමට නොයන මුත් සහයක් නොදක්වන බවකි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version