මුල් පිටුව උණුසුම් පුවත් මන්ත්‍රී ආරක්ෂාව වැඩි කෙරේ

මන්ත්‍රී ආරක්ෂාව වැඩි කෙරේ

0

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රමුඛ නිලධාරීන් 6 දෙනෙකුගේ ආරක්ෂාවක් සපයන ලෙස පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විසින් ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂකවරයාට අධ්‍යක්ෂක වරයාට නියෝග කර තිබේ.

මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලෙස සපයන ලද්දේ නිලධාරීන් දෙදෙනකු පමණි. රාජ්‍ය ඇමති වරයෙකුට නිලධාරීන් පස් දෙනෙක් සහ කැබිනට් ඇමතිවරයකුට නිලධාරීන් හය දෙනෙක් මෙයට පෙර ලබාදී තිබුණි.

පවතින ආරක්ෂක තත්වය සලකා බලා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීහු සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version