මුල් පිටුව උණුසුම් පුවත් කුරුණෑගල ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

කුරුණෑගල ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

0

කුරුණෑගල යන්තම්පලාව මාර්ගයේ පිහිටිව්‍යාපාරිකයෙකුගේ නිවසට අද අළුයම් කාලයේ කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කුරුණෑගල පොලීසිය සඳහන් කරනුයේ එම වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපේ ඉදිරිපිට නතර කර තිබුණු මෝටර් රථයකට සහ නිවසේ ගේට්ටුව ට වෙඩි කිහිපයක් වැදී ඇති බවයි.

කුරුණෑගල වැව රවුමේ හෝටලය පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයාට වෙඩි තැබීම හා පසුගිය දිනවල කුරුණෑගල සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතර යම් සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version