තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු අගමැති ඇතුළු පිරිසකට විදෙස් ගමන් තහනමක්

    හිටපු අගමැති ඇතුළු පිරිසකට විදෙස් ගමන් තහනමක්

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් කර තිබේ.

    පසුගිය 9 වැනි දා කොළඹ ගෝඨාගෝගමට සහ අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගනිමින් කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුනි.

    මෙලෙස විදෙස් ගමන් වාරණයක් පැනවූ සෙසු පුද්ගලයන් වන්නේ, හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, නාමල් රාජප්ක්ෂ, සනත් නිශාන්ත ආදීන්ට ය.

    මීට අමතර ව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට ද විදෙස් ගමන් වාරණයක් පනවා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img