Home උණුසුම් පුවත් හරීන් යයි

හරීන් යයි

හරීන් යයි

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එම පක්ෂය අතහැර යාමට තීරණය කර තිබේ.

අද සවස පැවැති සමගි ජන බලවේගයේ රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

දැනට තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියාසිටී.

රට අර්බුදයකට ගොස් තිබෙන මේ මොහොතේ අපට තවත් ප්‍රමාද වීමට කාලයක් නොමැති බවත් නිවැරදි තීරණ කඩිනමින් නොගන්නා බව පෙනීයන බැවින් ස්වාධීන වීමට මන්ත්‍රීවරයා තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here