තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවට අපේ හමුදා එවන්න අදහසක් නෑ - ඉන්දීය රජය

    ලංකාවට අපේ හමුදා එවන්න අදහසක් නෑ – ඉන්දීය රජය

    ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    මෙම වාර්තා සහ එවැනි අදහස් ද ඉන්දීය රජයේ ස්ථාවරයට ද නොගැළපෙන බව එම කාර්‍යාලය නිවේදනය කර සිටී.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා ඉන්දියාව පූර්ණ සහය දක්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා ඊයේ පැහැදිලිව ප්‍රකාශ කළ බව ද එම කාර්‍යාලය සිහිපත් කර සිටී.

    ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ දේශපාලකයකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතා විසින් සිය සමාජ ජාල ගිණුමේ කරන ලද සටහනක් හේතුවෙන් මෙම අදහස සීග්‍රයෙන් කතාබහට ලක්වූයේ විවේචන ද සහිතවයි.

    ඔහු සිය සටහනේ දක්වා තිබුණේ ව්‍යවස්ථාමය ආරක්ෂාව ඇති කිරීමට නම් ඉන්දීය හමුදා යැවිය යුතු බවත් ජනතාව තුළ මතු වී ඇති ප්‍රකෝපකාරී තත්ත්වය තුළින් ප්‍රයෝජන ගැනීමට විදේශයන් කටයුතු කරන බැවින් එය ඉන්දියාවට තර්ජනයක් බවත් ය.

    එම සටහනේ ශ්‍රී ලංකාව පිළිබඳ ඔහු ඍජු ව සඳහන් කිරීමක් නොකළ නමුත් වෙනත් අයකු ශ්‍රී ලංකාවේ මතු වී ඇති තත්ත්වය ඉන්දියාවට අවදානම් බවට වන සටහනක් ද ඒ සමගින් මුදා හැර තිබුණි.

    කෙසේවෙතත් ස්වාමි මහතාගේ මෙම සටහන ඉන්දීය මාධ්‍ය පවා ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ කරමින් වාර්තා පළ කර තිබෙනු දක්නට හැකි විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img