Home උණුසුම් පුවත් අවලංගු කළ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට තීරණයක්

අවලංගු කළ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට තීරණයක්

අවලංගු කළ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට තීරණයක්

අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව අවලංගු කර තිබු විශේෂ පක්ෂ නායක පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ Zoom වීඩියෝ තාක්ෂණ ක්‍රමය ඔස්සේ ය.

රටේ පවතින තත්ත්වය මත මෙලෙස මාර්ගගත ක්‍රමයට හෝ එය පැවැත්වීමට තීරණය කළ බව කතානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව එම රැස්වීම අද සවස 3.00 ට පැවැත්වීමට නියමිතය.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඇති විශ්වාසභංග යෝජනාව ස්වයංක්‍රියවම අවලංගු වනු ඇත.

කෙසේ වෙතත් ජනාධිපති වරයාට එරෙහිව ද විශ්වාස භංග යෝජනාවක් ගෙනවිත් ඇති අතර ඒ විශ්වාසය කඩකිරීම යෝජනාවක් ලෙස න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට ද පියවර ගනු ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි තත්ත්වයක් මතු වීම හේතුවෙන් මීට පෙර පක්ෂ නායක රැස්වීම අවලංගු කිරීමට තීරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here