තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති-අගමැතිට යන්න කියයි

    ජනපති-අගමැතිට යන්න කියයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) පැවති විශේෂ කැබිනට් හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන්නැයි ප්‍රකාශ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව තමන් විසින් යෝජනා කළ සර්වපාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම උදෙසා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව ජනාධිපතිවරයා පවසා තිබේ.

    අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්නොවුනොත් ලබන සතියේ නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇති බව නිල නොලත් ආරංචි මාර්ග වලින් දැනගැනීමට තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img