තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි

    සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි

    තමා නියෝජ්‍ය කතානායක ධුරය භාර නොගන්නා බව පවසමින් රංජිත් සියඹලාපිටිය මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

    ඔහු මෙලෙස නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන්නේ දෙවැනි වරටයි.

    හිටපු නියෝජ්‍ය කතානායකවරයා වූ රංජිත් සියඹලාපිටිය  මහතා පසුගියදා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී ස්වාධීන වීමත් සමග ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.

    ඉන් අනතුරුව නව නියෝජ්‍ය කතානායක පත්කර ගැනීම ඊයේ සිදු කෙරුණේ රහස් ඡන්දයක් මඟිනුයි.

    ඉන් තේරී පත්වූයේ ද රංජිත් සියඹලාපිටිය මහතා ම ය.

    ඒ, අවසාන මොහොතේ සමගි ජන බලවේගය විසින් යෝජනා කළ ඉමිතියාස් බාකීර් මහතාට වඩා වැඩි ඡන්දයෙන් තේරී පත්වෙමිනි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රංජිත් සියඹලාපිටිය මහතාට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මේ හේතුවෙන් තමාගේ පත්වීම පිළිබඳ ජනතාවට වැරදි අදහසක් මතුවන බව පවසමින් තමා මෙම තනතුර භාර නොගන්නා බව සඳහන් රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා විසින් ජනාධිපතිවරයාට යැවු ලිපිය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img