Home උණුසුම් පුවත් කලවම් ඉන්ධන බවුසරය ගැන හොයන්න කණ්ඩායමක් නාරම්මලට

කලවම් ඉන්ධන බවුසරය ගැන හොයන්න කණ්ඩායමක් නාරම්මලට

කලවම් ඉන්ධන බවුසරය ගැන හොයන්න කණ්ඩායමක් නාරම්මලට

සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වී ඇති පෙට්‍රල්වල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්න කරන වීඩියෝවකින් පෙන්වන ලද පෙට්‍රල් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය නිලධාරීන් කුරුණෑගල, නාරම්මල ප්‍රදේශයට ගොස් තිබේ.

‍මෙම නිලධාරීන් කණ්ඩායම පරීක්ෂණයට යවා ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියා සිටියේය.

සමාජ මාධ්‍ය තුළින් කතාබහට ලක්ව ඇති මෙම වීඩියෝවට අනුව, නාරම්මල පිහිටි පිරවුම්හලක් වෙත ප්‍රමිතියෙන් තොර බව පැවසනෙ ඉන්ධන බවුසරයක් ගොස් ඇති අතර එම පිරවුම්හලේ කළමනාකාරිත්වය විසින් ඉන්ධන ගොඩබෑමට පෙර කරන ලද ප්‍රමිතිය සොයාබැලීමකින් පසුව ඉන්ධන ගොඩබෑම ප්‍රතික්ෂේප කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here