ප්‍රමිතියෙන් යුතු දේශීය පොල්තෙල් බෝතලයක් රුපියල් 450ක පාලන මිලකට සතොස සහ සමූපකාර ව්‍යාපාරය හරහා ලබාදීම රජය පියවර ගෙන තිබේ.
හිඟයක් නොමැතිව රු 450 මිලට පොල්තෙල් සැපයීමට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය සමග වෙළඳ අමාත්‍යාංශය ඉදිරියේ දී ගිවිසුමකට එළඹෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද (12) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
“මේ අවුරුද්ද ඉවර වෙනකල් පිරිසිදු මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු දේශීයව නිෂ්පාදනය කරන පොල් තෙල් බෝතලයක් කවර වෙනස්කම් ඇති වුණත් රු 450කට සතොස සහ සමූපකාර ව්‍යාපාරය හරහා අලෙවි කරනවා. ඒ ගිවිසුමට අපිට එලඹෙන්න පුළුවන්. එතකොට මේ වර්ෂය නිමවෙන තෙක් පොල් තෙල්වල මිලේ ඉහළ යෑමක් සිදුවන්නේ නෑ. කිසිදු හිඟතාවයක් නොමැතිව රු 450 මිලට පොල් තෙල් සැපයීමට සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය සමග අපි ඉදිරියේ දී ගිවිසුමකට එනවා.“