මුල් පිටුව උණුසුම් පුවත් මන්ත්‍රී අලි සබ්රි ගමන් කළ ජිප් රථයේ ගැටී පදිකයෙක් මරුට

මන්ත්‍රී අලි සබ්රි ගමන් කළ ජිප් රථයේ ගැටී පදිකයෙක් මරුට

0
accident

මුස්ලිම් ජාතික සංධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින පුත්තලම දිස්ත්‍රීක් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ගමන් කරමින් සිටි ජිප් රථයේ ගැටී පුද්ගලයෙක් මියගොස් ඇත.

ඊයේ(04) රාත්‍රී 8.10 ට පමණ පාලාවිය – කල්පිටිය මාර්ගයේ මාම්පූරිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

පාලවිය දෙසට ධාවනය වූ මන්ත්‍රීවරයා රැගත් ජිප් රථයේ රියදුරු අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි නොරොච්චෝලේ පොලීසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ මාර්ගයේ ගමන්කරමින් සිටි පදිකයෙකි.

ඔහු පුත්තලම – මනතිව් පදිංචිව සිටි සිමියොන් බෙනඩික් ඩික්සන් (අවු:46) නම් අයෙකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා රැගත් මෝටර් රථය කල්පිටියේ සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබී ඇත.

එම අවස්ථාවේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි අයෙකු මෝටර් රථයේ ගැටීමෙන් තුවාල ලබා ඇත.

තුවාලකරුව ත්‍රී රෝද රථයකින් පුත්තලම මූලික රෝහල කරා රැගෙන යමින් සිටින විට අතරමගදී මිය ගොස් ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන්කරමින් සිටි ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

අද දින ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව නොරොච්චෝලේ පොලීසිය සඳහන් කරයි.

අනතුර සිදුවී ඇත්තේ නොරචෝලේ පොලිස් වසමේ වුවත් වර්තමානයේ පවතින තත්ත්වය අනුව විමර්ශණ කටයුතු පුත්තලම පොලීසියට බාර දීමට කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයා ගමන් කළ වාහනය තම බාරයට ගෙන එය පැදවූ රියදුරුව අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසිය කටයුතු කර ඇත.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version