මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය දවසක් වැඩ නෑ

දුම්රිය දවසක් වැඩ නෑ

0

අද මධ්‍යම රාත්‍රි 12 සිට එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ සඳහන් කළේ හෙට (6) දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් දුම්රිය වැඩවර්ජනය සිදුවන බවයි.

මේ සඳහා දුම්රිය වෘත්තීය සමිති 40ක් පමණ සහභාගීවන බව ඔහු සඳහන් කළේය.

මේ අතර හර්තාලයට සහය පළකරමින් හෙට (6) දිනයේදී ලොතරැයි අළවිකිරීමේ කටයුතු වලින් ඉවත්වන බව සමස්ත ලංකා ලොතරැයි අළවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version