තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුප්පිි ලාම්පුවෙන් පාඩම් කරමින් සිටි සිසුවිය ගිනිඇවිලී මියයයි

    කුප්පිි ලාම්පුවෙන් පාඩම් කරමින් සිටි සිසුවිය ගිනිඇවිලී මියයයි

    විදුලිය විසන්ධිකර තිබුණු අවස්ථාවක කුප්පි ලාම්පුවෙන් පාඩම කරමින් සිටි දැරියක් කුප්පි ලාම්පුව පෙරලීමෙන් ඇතිවූ ගින්නකින් පිළිස්සී මියගොස් ඇත.

    මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී යාපනය මනිප්පායි පොලිස් වසමේ සන්ඩ්ලිපායි ප්‍රදේශයේදීය.

    මියගොස් ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටි 16 හැවරදි පාසල් සිසුවියකි.

    කුප්පි ලාම්පුව පෙරලීමෙන් ඇතිවූ ගින්න පැතිර ඇත්තේ ඇගේ පියා විසින් නිවසේ තබාගෙන තිබුණු පෙට්‍රල් බෝතලයකට ගිනි ඇවිලීමෙන් බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් මනිප්පායි පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img