තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මල්වානේ දී වලකට බැස්ස 5ක් සිහිසුන් වෙයි - 2ක් මරුට

    මල්වානේ දී වලකට බැස්ස 5ක් සිහිසුන් වෙයි – 2ක් මරුට

    මල්වාන, යටියන ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක අපජලය බැහැර කිරීමට සකස් කළ වළක් තුළට බැසි පස් දෙනෙක් ඒ තුළ සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඒ අයගෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

    මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ අද සවස් කාලයේදීය.

    මියගොස් ඇත්තේ 63 වියැති නිවෙස් හිමියා සහ බණ්ඩාරගම සිට මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණ සිටි 51 වියැති සේවකයෙකි.

    අපජල බැස යාමට සකස් කළ වළ වැසෙන්නට කොන්ක්‍රීට් ආවරණයක් සකස්කර ඇති අතර එම කොන්ක්‍රීඩ් ආවරණය දමා ඇත්තේ වලට මුක්කු ගසා වල මතය. කොන්ක්‍රීට් තට්ටුව සවි වීමෙන් අනතුරුව එහි මුක්කු ගැලවීමට 51 වියැති සේවකයා වළට බැසීමේදී මුලින්ම ඔහු සිහිසුන්ව වළ තුළට ඇඳ වැටී ඇත. ඔහුව බේරා ගැනීමට ගිය නිවෙස් හිමියා ඇතුළු තවත් සිව් දෙනෙක් ඒ ආකාරයටම සිහිසුන්ව වළට වැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

    මේ පස් දෙනා ගොඩගෙන ඇත්තේ ඔක්සිජන් ටැංකියක් ආධාරයෙන් වළ තුළට බැසගත් පුද්ගලයෙක් විසිනි. සිහිසුන්ව සිටි පස් දෙනාවම රාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර දෙදෙනෙක් මිය ගොස් ඇතැයි අනාවරණය වී ඇත්තේ එහිදීය. මේ වන විට දෙදෙනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර එක් අයෙක් රෝහලෙන් පිටව ගොස් ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img