Home උණුසුම් පුවත් ඕමාන සමාගමෙන් ගෑස් අරන් ඉවරයි- අඩුමිලට ගෑස් දෙන අලුත් සමාගමක්

ඕමාන සමාගමෙන් ගෑස් අරන් ඉවරයි- අඩුමිලට ගෑස් දෙන අලුත් සමාගමක්

ඕමාන සමාගමෙන් ගෑස් අරන් ඉවරයි- අඩුමිලට ගෑස් දෙන අලුත් සමාගමක්

ශ්‍රී ලංකාවට පසුගිය දෙවසර තුළදී ගෑස් ආනයනය කළ ඕමාන සමාගමෙහි ගිවිසුම් කාලය මේ මාසයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව ඕමාන සමාගමෙන් මෙරටට එවන ලද අවසන් ගෑස් නෞකාව ඊයේ (29) මෙරටට ළගා විය.

එමගින් රැගෙන ආ ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 3500 ක් වන අතර එම තොගයේ ගෑස් බෙදා හැරීම මේ වනවිට සිදු කෙරේ.

මෙම ගිවිසුම් කාලය අවසන් වීමත් සමඟ මෙරට පාරිභෝගිකයින්ට අඩුමිලට ගෑස් ලබාදිම සදහා නව සැපයුම්කරුවෙකු තෝරාගෙන ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

තායිලන්තයේ සියාම් ගෑස් සමාගම ඒ සදහා තෝරාගෙන ඇති බව එහි සභාපති විජිත හේරත් මහතා සදහන් කරයි.

එම සමාගම මගින් පසුගිය වසර දෙක තුළ ගෑස් ආනයනය කළ සමාගමෙන් ගෑස් ලබාගත් මිලට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 09 ක් අඩුවෙන් ලබාගැනිමට හැකියාව පවතින බව සභාපතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here