Home උණුසුම් පුවත් රඹුක්කන වෙඩිතැබීමට අල්ලන්න කී SSP පොලිස් රෝහලේ

රඹුක්කන වෙඩිතැබීමට අල්ලන්න කී SSP පොලිස් රෝහලේ

0
රඹුක්කන වෙඩිතැබීමට අල්ලන්න කී SSP පොලිස් රෝහලේ

රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් නියෝග කළ කෑගල්ලේ හිටපු පොලිස් ප්‍රධානියා වන කේ.බී. කීර්තිරත්න මහතා මේ වන විය පොලිස් රෝහලේ නේවාසිකව රැදී සිටී.

කෑගල්ල අධිකරණය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ඊයේ නියෝගය නිකුත් කිරීමත් සමඟ තමාට වමනය යන බව සඳහන් කරමින් සවස 2.30ට පමණ ඔහු රෝහල්ගතව තිබේ.

නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ වෙනම කාමරයක මේ වන විට ඔහු නේවාසිකව රැදී සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද රෝහල තුළ රැදී සිටිමින් ඔහුව අවේක්ෂණය කරමින් සිටින බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රෝහලින් පිටව ගොස් අතුරුදන්වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් මෙසේ ඔහුව අවේක්ෂණය කරන බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here