Home උණුසුම් පුවත් විදුලි බිල වැඩි කරන්න මෙතෙක් තීරණයක් නෑ

විදුලි බිල වැඩි කරන්න මෙතෙක් තීරණයක් නෑ

විදුලි බිල වැඩි කරන්න මෙතෙක් තීරණයක් නෑ

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත් මෙතෙක් ඒ පිළිබඳ තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළකර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා සැලකිල්ලට ගනිමින් ඊට පිළිතුරු ලෙසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත ගාස්තු සංශෝධන සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී ඇති ප්‍රථම අවස්ථාව මෙය නොවන බවයි.

2015 වසරේ සිට අවස්ථා ගණනාවකදීම මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට, සංශෝධනය කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලයට බලය ඇති බව ද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here