|
රඹුක්කන වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සතු ටී 56 අවි තුනක් බව මෙතෙක් කර ඇති විමර්ශන වලින් හෙළිවී තිබේ.
එම ගිනි අවි තුන මේ වන විට මුද්‍රා තබා කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය භාරයේ ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. එම අවි වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම සිය භාරයට ඉදිරියේදී ගැනීමට නියමිතය. කෑගල්ල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයෙන් එම අවි රැගෙන රඹුක්කනට ගොස් ඇත්තේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුය්ක්ත යතුරු පැදි බලකායේ නිලධාරීන් කණ්ඩායමකි. ගිනි අවි 06 ක් රැගෙන එම ස්ථානයට එම අංශයේ නිලධාරීන් 06 දෙනෙක් ගොස් ඇති බවත් වෙඩි තබා ඇත්තේ එම අවිවලින් 03කින් බවත් විමර්ශන වලින් මේ වන විට හෙළිවී තිබේ. මේ වන විට මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ගම්වැසියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටයුතු කරමින් ඇති අතර ඉදිරියේදී වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළේය. |
|