මුල් පිටුව උණුසුම් පුවත් රථ වාහන දඩ ගෙවන්න සහන කාලයක්

රථ වාහන දඩ ගෙවන්න සහන කාලයක්

0

රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා අප්‍රේල් 23 දක්වා සහන කාලයක් ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අප්‍රේල් 11 සහ 12 දෙදින රජයේ නිවාඩු දිනයන් වූ බැවින් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මෙම සහන කාලය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව 2022 මාර්තු 29 වනදා දින සිට 2022 අප්‍රේල් 10 දක්වා (එම දින දෙකද ඇතුලත්ව ) නිකුත් කර ඇති දඩ පත්‍රිකා අතිරේක ගාස්තු රහිතව අප්‍රේල් 23 දක්වා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට හැකියාව පවතී.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version