Home උණුසුම් පුවත් ඉන්ධන ප්‍රවාහනයෙන් බවුසර් හිමිකරුවන් ඉවත් වෙයි

ඉන්ධන ප්‍රවාහනයෙන් බවුසර් හිමිකරුවන් ඉවත් වෙයි

ඉන්ධන ප්‍රවාහනයෙන් බවුසර් හිමිකරුවන් ඉවත් වෙයි

රටතුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්ධන ප්‍රවාහනය කිරීමේන් ඉවත්වන බව ඛණිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ඩී.වී ශාන්ත සිල්වා මහතා විසින් ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට ලිපියක් යොමුකරමින් පවසන්නේ රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය පහවගිය පසු ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් නැවත තීරණයක් ගන්නා බවයි.

එහෙත් තම බවුසර් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන්නේ නම් ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය හැකි බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here