තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උගන්ඩා ගිය මුදල් ගැන විශේෂ ප්‍රකාශයක්

    උගන්ඩා ගිය මුදල් ගැන විශේෂ ප්‍රකාශයක්

    උගන්ඩාවට ගෙන ගිය බව කියන මෙරට මුද්‍රණය කළ මුදල් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් අද (20) සවස 4ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංචාරක හා ධීවර රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි.

    ගුවන් යානා තුනකින් උගන්ඩාවට ගෙනගිය මුදල් සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලනයක් ඇතිවිය. ආයෝජන මණ්ඩලය සතු ලෝකයේ රටවලට මුදල් මුද්‍රණය කරන සමාගමේ මුද්‍රිත මුදල් මෙලෙස උගන්ඩාවට ගෙන ගිය බව ශ්‍රීලංකන් ගුවන් සේවය මෙයට පෙර නිවේදනය කළේය.

    කෙසේ වෙතත් විදෙස් මුදල් මුද්‍රණය කරන මෙරට ආයෝජන කලාපයේ පියිටි මෙම ආයතනය ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ අනුව ඊට අදාළ සියලු තොරතුරු අද සවස පාර්ලිමේන්තුවේ සභාගත කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කරයි

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img