Home උණුසුම් පුවත් රඹුක්කන සිද්ධියේ අයෙක් මරුට – 27ක් රෝහලේ – පොලිසියේ 10කට තුවාල

රඹුක්කන සිද්ධියේ අයෙක් මරුට – 27ක් රෝහලේ – පොලිසියේ 10කට තුවාල

0
රඹුක්කන සිද්ධියේ අයෙක් මරුට – 27ක් රෝහලේ – පොලිසියේ 10කට තුවාල

රඹුක්කන අද ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට යාමේදී පොලිසිය කළ වෙඩිතැබීමක් හේතුවෙන් එක් අයෙක් මියගොස් තිබේ.

තවත් අයෙකුගේ තත්ත්වය ඉතා බරපතළ බව රෝහල් තොරතුරු අනාවරණය කළේය.

රඹුක්කනදී ඇති වූ නොසන්සුන් තත්වයෙන් 27 දෙනකු තුවාල ලබා රඹුක්කන සහ කෑගල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

මියගොස් තිබුණේ තුවාලකරුවන අතර සිටි වෙඩි වැදීම්වලට ලක්වූ කිහිපදෙනා අතරින් කෙනෙකි.

තුවාලකරුවන් අතර සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලිසිය 10 දෙනෙක් සිටින බව රෝහල් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනු ලැබුවේ තමන්ට මෙතෙක් ලිඛිත තොරතුරු ලැබී නැති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here