මුල් පිටුව උණුසුම් පුවත් මාර්තුවේදී මෙක්සිකෝ වැටෙන් පැන ඇමරිකාවට ගිය අය වාර්තාවක් තියලා

මාර්තුවේදී මෙක්සිකෝ වැටෙන් පැන ඇමරිකාවට ගිය අය වාර්තාවක් තියලා

0

මෙක්සිකොව හරහා ඇමරිකා එක්සත් ජනපදයට නීතිවිරෝධීව ඇතුළු වීමට තැත් කළ සරණාගතයින් දෙලක්ෂ දසහසක් ගතවූ මාර්තු මාසයේදී පමණක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව දශක දෙකක කාලයක් තුල මාසයක දී නීතිවිරෝධීව මෙක්සිකෝව හරහා ඇමරිකාවට ඇතුළුවීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්වූ වැඩිම පිිරිස ඔවුන් බවද ඇමරිකානු රජය පවසයි.

මෙම සංඛ්‍යාව ඉකුත් වසරේ මාර්තු මාසයේදී ඇමරිකාවට ඇතුළු වීමට තැත්කළ සංඛ්‍යාවට වඩා සියයට 24කින් ඉහළයාමක් බවද වාර්තාවේ.

කෙසේ වෙතත් මෙලෙස නිතිවිරෝදී සරණාගතයින්ගේ පැමිණිම වැඩවීමත් සමඟම ඔවුන් සමගින් පැමිණෙන ළමුන්ද දේශසීමා ආරක්ෂක අංශ මෙම සරණාගතයින් රදවා තබන ස්ථාන වල රදවා තැබීමට සිදුවීමෙන් ගැටලු රාශියක් නිර්මාණය වී ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර එළැඹෙන මැයි 23 වැනිදායන් පසුව ඇමරිකාවට ඇතුළුවන සරණාගතයින් සංඛ්‍යාව තවත් ඉහළයාමට හැකියාවක් පවතින බවට ඇමරිකානු බලධාරීන් පවසයි. ඊට හේතුවන ලෙස ඔවුන් පෙන්වා දෙනු ලබන්නේ කොරේනා වෛරසය පැතිරයාම වැලැක්වීමට පැණවූ සරණාගතයින් කඩිනමින් ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට ලැබනු නීතිම අවස්ථාව අවසන් වන බැවිණි.

ජෝ බයිඩන් විසින් ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු නීති විරෝධී සරණාගතයින් සමබන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අනුගමනය කළ දැඩි තීරණ ලිහිල් කල අතර එම තත්ත්වයද මීට හේතුවී ඇති බවටද ඇතැම් පාර්ශව චෝදනා එල්ල කරමින් සිටියි.

කෙසේ වෙතත් වාර්ෂිකව මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ දහස් ගණනක් ජනතාව ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වන අතර ඔවුන් බොහොමයක් දෙනා යහපත් අනාගතයක් බලාපොරොත්තුවෙන් ඇමරිකාවට පැමිණේ.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version