මුල් පිටුව උණුසුම් පුවත් බ්‍රිතාන්‍ය අගමැතිට දඩ

බ්‍රිතාන්‍ය අගමැතිට දඩ

0

බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය බෝරිස් ජොන්සන් සහ එරට මුදල් අමාත්‍ය රිෂී සුනක් හට ලන්ඩන් පොලිසිය විසින් දඩ නියමකර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යය තුල සංචරණ සීමා පනවා තිබූ කාලය තුලදී අග්‍රාමත්‍යවරයාගේ නිල නිවසේ උපන්දින සාදයක් පැවැත්වීමට අදාලව මෙලෙස දඩ නියමවී ඇත.

මීට අමතරව තවත් තිස් දෙනෙකුට පමණ දඩ මුදල් නියම කර ඇති බවද ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් නිකුත් කර ඇති බවටද වාර්තා වේ.

අග්‍රාමත්‍ය ජොන්සන්ගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් පසුගිය කාලය තුල දැඩි කතා බහකට ලක්විය.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version