Home උණුසුම් පුවත් කාබනික වගාවේ මහ මොළකරුවකු හදිසියේම රට යයි

කාබනික වගාවේ මහ මොළකරුවකු හදිසියේම රට යයි

කාබනික වගාවේ මහ මොළකරුවකු හදිසියේම රට යයි

 
කාබනික වගාව හොඳය. එහෙත් ගොවීන්ට අවශ්‍ය වූයේ ක්‍රමානුකූලව කාබනික වගාවට යොමු වීමේ අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකාවේ දැනට නිර්මාණය වී තිබෙන  ආර්ථික අර්බුදය සබැඳි එක් වැරදි තීරණයක් වූයේ 100% කාබනික වගාව වෙත කඩිනමින් යොමුවීමට යාමය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රටේ උද්ගතව ඇති තත්ත්වය ගැන කළ විශේෂ ප්‍රකාශය තුළ ද මේ ගැන කීවේය. දැන් අගමැති කියන්නේ නැවත රසායනික පොහොර සහනාධාරය දෙන බවයි. අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීම සාමාන්‍යයෙන් මෙරට සිදුවන්නක් වුවද මේ වෑයම හෝ ඉටු නොකරන්න ගොවි අරගලයෙන් බේරීමට නම් ආණ්ඩුවට බැරි බව සත්‍යයකි.
අස්වනු අඩුවීම නිසා ගොවියන්ද මිල වැඩිවීම නිසා පාරිභෝගිකයෝ ද අසහනකාරීව සිටිති. නොකියන කතාවක් වේ නම් එහි ඇති අධික අතර මැදි ව්‍යාපාරික මාෆියාවයි. ඒ ගැන රජය නොබලන තැනට ඇද දැමූ ව්‍යාපාරිකයෝ දැන් රිසි සේ බොර දියේ මාලු බාති.
කාබනික වගාව සියයට සියයක් හොඳ වුවද, එහි ඇති හොඳ නරක මෙන්ම, එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන ආකාරයත්, එමගින ජාත්‍යන්තර වෙළඳපොල ජයගන්නා ඉලක්කයත් කීමට රජය අපොහොසත් විය.
දේශගුණික විපර්යාස හමුවේ රටක් කාබනික වගාවට යොමුවීමෙන් ඉටු කරන ගෝලීය මෙහෙවර වෙනුවට ගොවියෝ උදුලු කෙටි අරගෙන පාරට බහින තැනට පත්වූහ. දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද ඊට අඩු වැඩි වශයෙන් වගකිව යුතුය.

ඒ කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් උද්ගත වූයේ ක්‍රමානුකූලවය. චීන අසූචි නැවක් නිසා මහජන බැංකුව බැලැක් ලිස්ට් වූවා පමණක් නොව පසුව, චන්ඩි පාට් පසෙක දමා ඊට ඩොලර් මිලියන ගණනින් ගෙවන්නට සිදුවිය.

 එදා කාබනික පොහොර කරේ තියාගෙන ගිය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ලා පසුව නිහඬ විය. රතන හිමි ද වැඩේ භාරගත්ත ද එහි පූර්ණකාලීන මෙහෙවරක නිරත නොවූහ. සබරගමු විශ්වවිද්‍යාලයීය මහාචාර්ය ප්‍රියන්ත යාපා ඇතුළු කණ්ඩායමක් එහි ඉදිරියෙන්ම සිටියහ.
ඔවුන් ජනතාව අතර අප්‍රසාදයට ලක්විය. මෙහි මහ තවත් මහ මොළකරුවකු වූයේ කාර්මික තාක්ෂණ ආයතනයේ පාලක මණ්ඩල සභාපති ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාරය. එහෙත් ප්‍රේමකුමාරගේ නම එළියට නොආ තරම්ය. ඒ නිසා ඔහු ඇඟට පතට නොදැනී පසුගිය අප්‍රේල් 05 දින දිවයිනෙන් බැහැරව ගියේය.
ප්‍රශ්නය ඇත්තේ ඔහු විදෙස්ගතවීම නොව, ජනාධිපතිවරයාට ලස්සන කාබනික වගාවක් ගැන චිත්‍ර රූප මවා තබා අසීරු අවස්ථාවේ මොවුන් ද නැවෙන් පැනීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here