තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්ධන ප්‍රවාහන දුම්රිය අනතුරක - ඩීසල් දෝර ෙ ගලයි

    ඉන්ධන ප්‍රවාහන දුම්රිය අනතුරක – ඩීසල් දෝර ෙ ගලයි

    රඹුක්කන දුම්රිය ස්ථානයේ නතරකර තිබුණු ඉන්ධන ප්‍රවාහන දුම්රියක මගී ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් සිදුවූ අනතුරින් ඉන්ධන ප්‍රවාහන දුම්රියේ ඩීසල් ප්‍රවාහන ටැංකියක සිදුවූ කාන්දුවකින් ඩීසල් විශාල ප්‍රමාණයක් ගලාගෙන යමින් අපතේ ගොස් තිබේ.

    මෙම අනතුර අද අළුයම 4.00ට පමණ සිදුව ඇත.

    මගී දුම්රිය අනතුරට ලක්වන විට මගීන්ගෙන් තොරව නතර කර තිබී ඇති අතර එය ධාවනය වී ඇත්තේ රියදුරු නොමැතිව බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    තිරිංගවල ඇතිවූ දෝෂයක් එසේ රියදුරු නොමැතිව දුම්රිය ධාවනය වීමට මුල් වී ඇති බව දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

    මෙම අනතුරින් දුම්රිය මැදිරි සහ ඉන්ධන ප්‍රවාහන ටැංකිවලට හානි වී තිබේ. දුම්රිය ස්ථානයටද දැඩි හානි සිදුව තිබේ.

    දුම්රිය බලධාරීන් සඳහන් කරනුයේ විශේෂ විමර්ශනයක් මේ සම්බන්ධයෙන් සිදුකරන බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img