තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාර්තුවේ ලොව පුරා ආහාර මිල පෙර කවරදාකටත් වඩා ඉහළට

    මාර්තුවේ ලොව පුරා ආහාර මිල පෙර කවරදාකටත් වඩා ඉහළට

    ලොව පුරා ආහාර මිල ගණන් පසුගිය මාසයේදී අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

    මෙය ආහාර සඳහා ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම මිල බව එම සංවිධානය පෙන්වා දෙයි.

    එම සංවිධානය මේ මස නිකුත් කළ වාර්තාවකට අනුව ලෝක ආහාර වැඩසටහනේ ආහාර මිල දර්ශකය (FFPI) 2022 මාර්තු මාසයේ දී ඒකක 159.3 ක සාමාන්‍යයක් විය.

    එය පෙබරවාරි මාසයේ සිට ඒකක 17.9 (12.6%) කින් ඉහළ ගොස් ඇත.

    1990 දී මෙම වැඩසටහන ගණනය ආරම්භ වූ දා සිට ඉහළම අගය පිළිබිඹු කරයි.

    එළවළු තෙල්, ධාන්‍ය සහ මස් ආහාර, සීනි සහ කිරි නිෂ්පාදන ද සැලකිය යුතු ලෙස මිල ඉහළ ගියේය.

    තිරිඟු ඇතුළු ධාන්‍ය මිල ගණන් පසුගිය මාසයේදී සියයට 19.7% කින් ඉහළ ගියේ ය. එය පෙබරවාරියට සාපේක්ෂකව 17.1%ක වැඩිවීමකි.

    එළවළු තෙල් මිල පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තුවේදී 23.2% කින් ඉහළ ගොස් ඇත.

    සීනි මිල 6.7% කින්ද පසුගිය මාසයේදී ඉහළ ගොස් තිබුණේ පෙබරවාරියට සාපේක්ෂකව ය.

    මේ වසරේදී ලෝක වෙළඳපොලේ කිරි ආහාරවල මිල ගණන්වල වැඩි වීම පෙර වසරට සාපේක්ෂව 23.6% කි. පෙබරවාරියට සාපේක්ෂකව 2.6%ක වැඩිවීමකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img