Home උණුසුම් පුවත් ගාලු මුවදොරට ආ විරෝධතාකරුවන්ගෙන් පිරිසක් තවමත් රැදී සිටී

ගාලු මුවදොරට ආ විරෝධතාකරුවන්ගෙන් පිරිසක් තවමත් රැදී සිටී

0
ගාලු මුවදොරට ආ විරෝධතාකරුවන්ගෙන් පිරිසක් තවමත් රැදී සිටී

ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර පිටිය ආසන්නයට ඊයේ රැස්වූ විරෝධතාකරුවන්ගෙන් පිරිසක් මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදී සිටී.

මහා වැසි නොතකා ඔවුන් සිය විරෝධය දක්වමින් සිටින අතර සාමාකාමීව එය සිදුවන බව පොලීසිය කියයි.

මෙම විරෝධතාකරුවන් රැස්වීමට තීරණය කර තිබුනේ ගාලු මුවදොර පිටියටය. එහෙත් එහි සිදුවන අලුත්වැඩියාක් හේතුවෙන් එය වසා දමා ඇතැයි නිවේදනය කිරීමත් සමඟ ජනතාව වැඩි වශයෙන් රැස්වූයේ රජය විසින් උද්ඝෝෂණය සඳහා වෙන්කර ඇති ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ඇති බිම් තීරුවටය. ඊට අමතරව උද්ඝෝෂකයන් ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස රැදී සිටිමින් උද්ඝෝෂණයේ නිරත විය. එහිදී ඔවුන් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලට බාධාවක් නොවන ආකාරයට සිය උද්ඝෝෂණ පැවැත්වීමට වගබලා ගෙන තිබුණි.

අනතුරුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් සිය විරෝධය දක්වන්නට විය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම ආරක්ෂක අංශ විසින් බාධක දමනු ලැබුවේ විරෝධතාකරුවන් එම ස්ථානයට පැමිිණීමෙන් පසුවය. කිසිදු විරෝධතාකරුවෙක් බලහත්කාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට කිසිදු උත්සහයක නිරත නොවූ බව පොලීසිය සඳහන් කළේය.

විරෝධාකරුවන්ගෙන් කිහිප දෙනෙකු උද්ඝෝෂණ පැවැත්වීමට වෙන්කර ඇති ස්ථානයේ කූඩාරම් කිහිපයක්ද අටවාගෙන තිබුණි.

මිලියනයක් කොළඹට තේමාවෙන් ඊයේ මෙම විරෝධතාවට ජනතාව ගාලු මුවදොරට කැදවා තිබුණි. දස දහසකට වැඩි පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර ඒ අය මනා හික්මීමකින් කටයුතු කරමිින් කොළ කැබැල්ලක්වත් මාර්ගයේ නොදමා තමන් රැගෙන පැමිණි සියල්ල නැවත යන විට රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here