තවත්
    මුල් පිටුවspecialවිශ්වාසභංගය පරාදයි: ඉම්රාන් ගෙදර යයි

    විශ්වාසභංගය පරාදයි: ඉම්රාන් ගෙදර යයි

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව ඉදිපත්වූ  විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පවත්ව ඇත.

    මෙම විශ්වාසභංග යෝජනාවේදී සාමාජිකයන් 342 සමන්විත එරට ජාතික සභාවේ බහුතරය වූ  ඡන්ද 174ක් ඉම්රාන ඛාන්ට එරෙහිව ලැබී තිබේ.

    ඒ අනුව ඛාන් වැඩි ඡන්දයකින් පරාජයට පත්ව ඇත. එරට වෙලාවෙන් මධ්‍යම රාත්‍රීය පසුවී මෙම ඡන්ද විමසීම පැවැත්වීමද විශේෂත්වයකි.

    මේත් සමඟම පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වූ පළමු අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක්වනු ඇත.

    ඒ අනුව ඛාන්ගේ පරාජයත් සමඟ  නව අග්‍රාමාත්‍යවරයා හෙට දිනයේදී පත්කර ගැනීමට නියමිත බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    පාකිස්තාන ඉතිහාසය තුල කිසිඳු අග්‍රාමාත්‍යවරයකු සිය සම්පූර්ණ ධුර කාලය සම්පූර්ණ කිරීමට සමත්වී නොමැත.

    කෙසේවෙතත් ඛාන් 2018දී අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වූ අවස්ථාවේදී ඔහු සිය සම්පූර්ණ ධුර කාලය තුල බලයේ සිටිනු ඇති බවට බොහෝදෙනා විශ්වාසය පළ කෙරිණි.

    පාකිස්තානය දේශපාලනය තුල එරට හමුදාවන්ට විශාල බලපෑමක් එල්ල කළ හැකි අතර ඛාන් සිය ධුර කාලය තුල හමුදාවන්ගෙන් මදක් වෙන්ව කටයුතු කිරීමට උත්සාහ කෙරුනු අයුරු ද දක්නට ලැබිණි.

    එරට ඉතිහාසය පුරාම අග්‍රාමාත්‍යවරුන් පත්කිරීමට හමුදාව සෘජුව හෝ වක්‍රව සහය පළ කළ අතර මෙවරද හමුදාව එයට වක්‍රව සහභාගි වූ බවට ඇතැම් විදෙස් මාධ්‍ය මත පළකරයි.

    මේ අතර තමනට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව බටහිර කුමන්ත්‍රණයක් බවට ඛාන් චෝදනා කරන අතර. ඔහු සිය ධුර කාලයේදී චීනය සමඟ ඉතා සමීපව කටයුතු කළේය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img