තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හදිසි මැතිවරණයකට සූදානම් - මැ.කො.ස.

    හදිසි මැතිවරණයකට සූදානම් – මැ.කො.ස.

    හදිසියේම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළහොත් ඊට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා ප්‍රකශ කරන්නේ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් ලබාදෙන්නේ නම් මැතිවරණයක් පැවත්විය හැකි බවයි.

    මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධව තීන්දු කළ යුත්තේ පාර්ලිමේන්තුව බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    මැතිවරණයක් පැවැත්වීමට මූලික කටයුතු සංවිධානය කිරීමට යම් කාලයක් අවශ්‍ය බවත් ඒ සඳහා මාස තුනක හෝ හතරක කාලයක් අවශ්‍ය බවත් නිමල් ජී.පුංචිහේවා පවසයි.

    ඔහු වැඩිදුරටත් ප්‍රකශ කළේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පමණක් අපේක්ෂකයින්ට සති පහත් හතත් අතර කාලයක් ලබාදිය යුතු බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img