Home උණුසුම් පුවත් තොණ්ඩමන් හිටපු පුටුවට තොණ්ඩමන්

තොණ්ඩමන් හිටපු පුටුවට තොණ්ඩමන්

තොණ්ඩමන් හිටපු පුටුවට තොණ්ඩමන්

ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) නව නායකයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා පත්කර තිබේ.

ඒ පක්‍ෂ නායකයෙකු තෝරාපත් කර ගැනීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද කෝට්ටගලදී රැස්වූ අවස්ථාවේදී ය.

සෙන්දිල් තොණ්ඩමන් මීට පෙර ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයාව සිටි ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව එහි නායකත්වයට මෙලෙස සෙන්තිල් තොණ්ඩමන් මහතා පත්කර ඇත.

2020 මැයි මාසයේදී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයට නායකයකු නොමැති විය.

1999 වසරේ සිට ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ 55 හැවිරිදි ආරුමුගම් තොණ්ඩමන් මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here