Home උණුසුම් පුවත් රට කරවන ඇත්තන්ට විදුලි කප්පාදු නෑ

රට කරවන ඇත්තන්ට විදුලි කප්පාදු නෑ

රට කරවන ඇත්තන්ට විදුලි කප්පාදු නෑ

අද (30) දිනයේදී සැලසුම් කර ඇති පැය 10ක විදුලි කප්පාදුව නොකොට නිදහස් කරන ස්ථාන අතරට ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණය ද ඇතුළත් වී තිබේ.

එම ස්ථාන ඇතුළුව දිවයිනේ විදුලිය විසන්ධි නොවන ප්‍රදේශ 191ක් ඒ අතර වේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විදුලි කප්පාදුව නිදහස් කරන ප්‍රදේශ ලැයිස්තුවේ මේ බව දැක්වේ.

අද සිට විදුලි බිල්පත් නොගෙවන ජනජනතාවට විදුලි විසන්ධිය ආරම්භ කර ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් රුපියල් කෝටියකට අධික විදුලි බිල් පවා ගෙවීම් පැහැර හැර ඇති ඇමතිවරු, ලක්ෂ ගණනින් විදුලි බිල් නොගෙවූ මන්ත්‍රීවරු පිළිබඳ පසුගිය දිනවල විටින් විට වාර්තා විය.

හෙට දිනයේදී විදුලි කප්පාදුව නොකරන ස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3-5-1.pdf” title=”Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3 (5)”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here