Home උණුසුම් පුවත් හෙට අනිද්දා ඩීසල් පෝලිමට යන්න එපා – සිපෙට්කෝ

හෙට අනිද්දා ඩීසල් පෝලිමට යන්න එපා – සිපෙට්කෝ

හෙට අනිද්දා ඩීසල් පෝලිමට යන්න එපා – සිපෙට්කෝ

හෙට (30) සහ අනිද්දා (31) යන දිනවල ඩීසල් මිලදී ගැනීම සඳහා පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් සැලසුම් කළ පරිදි අද ගොඩබෑමට නොහැකිව තිබේ.

එබැවින් සිපෙට්කෝ ආයතනය මේ බව දැනුම් දී සිටී.

අත්‍යවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයනු ලබන බවද සිපෙට්කෝ කියයි.

කෙසේවෙතත් කිසිදු හිඟයකින් තොරව පෙට්‍රල් බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ද සිපෙට්කෝ දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here