මුල් පිටුව උණුසුම් පුවත් පොලිස් ලොක්කෙකුගේ පාතාල සම්බන්ධකම් එළියට

පොලිස් ලොක්කෙකුගේ පාතාල සම්බන්ධකම් එළියට

0

මතුගම බාලිකා පාරේ නිවසකට කඩා වැදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි පරිදි සිදු නොවන්නේ එම වෙඩි තැබීමට සම්බන්ධ මතුගම ශාන් නැමැති අපරාධකරු සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සම්බන්ධකම් පවත්වන නිසා බව සඳහන් කරමින් එම කාන්තාවගේ සැමියා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට ලිපියක් යොමුකර තිබේ.

අසංග ප්‍රකාශ් පෙරේරා නම් වූ ඔහු එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ ශාන් ඝෘජු සම්බන්ධයක් පවතින බව තමාට ශාන්ම පවසා ඇති බවකි.

ශාන් නැමැත්තා තමාගේ මාමාගේ පුතා බවද ඔහු සිය ලිපියෙහි දක්වා තිබේ. ශාන්ගේ ගෝලයින් දෙදෙනෙක් විසින් ඉකුත් පෙබරවාරි 15 වෙනිදා සිය නිවසට ඇතුළු වී බිරිදට වෙඩි තබා ඝාතනය කර දරුවන් හා තමාටද වෙඩි තැබූ බවද එම ලිපියෙහි ඔහු සඳහන් කර ඇත.

ශාන් හා පානදුරේ කුඩු සළිදු අතර ඉතා දැඩි මිත්‍රත්වයක් පවතින බවත් දිවයිනපුරා මත්කුඩු ජාලය මෙහෙයවන්නේ ඔවුන් විසින් බවද එම ලිපියෙහි සඳහන්ය. එසේම එහි පැහැදිලිවම දක්වා ඇත්තේ ඔවුන් උසස් පොලිස් නිලධාරීන් සමඟ ඇති සම්බන්ධකම් ගැන තමා ඉතා පැහැදිලිවම දන්නා බවය.

මෙම ලිපිය ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර එය විමර්ශන කටයුතු සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් පොලිස්පතිවරයාට ඉකුත් 23 වෙනිදා යොමුකර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version