Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා – මොස්කව් ගුවන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා – මොස්කව් ගුවන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා – මොස්කව් ගුවන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිය ගුවන් මෙහෙයුම් අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසන්නේ,  රුසියා -යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියාවට පනවා ඇති ගුවන් යානා රක්ෂණ සීමා සහ ජාත්‍යන්තර මූල්‍ය සීමා සිය සමාගමට ද ඝෘජු බලපෑම් එල්ල කර ඇති බවයි.

මේ අතර මෙම තීරණය හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් ද ගුවන් සමාගම සිය කනගාටුව ප්‍රකාශ කර සිටී.

ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසන්නේ, රුසියාවේ තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින බවත් තත්ත්වය යහපත් වූ පසු යළි මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ය.

ශ්‍රීලංකන් ගුවන් සේවා මෙහෙයුම් අත්හිටුවීමට පෙර කොළඹ සහ මොස්කව් අතර සතිපතා ක්‍රියාත්මක කර ඇති ගුවන් ගමන්වාර සංඛ්‍යාව දෙකකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here