තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 16ක් ඇප මත නිදහස්

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 16ක් ඇප මත නිදහස්

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 16 දෙනකු රුපියල් කෝටි දෙකක ශරිර ඇප මත මුදා හැර තිබේ.

    ඒ ඔවුන් අත්අඩංගුවට ගෙන වසර වසර දෙකහමාරකට පසුව සැකකරුවන් ඊයේ (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර ඇප කරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ද ඇප කොන්දේසියක් නියම කර තිබේ.

    සෑම ඉරුදිනකම පෙරවරු 9ත් 12ත් අතර කාලයේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ද තවත් ඇප කොන්දේසියක් අධිකරණය මගින් සැකකරුවන්ට පනවනු ලැබ ඇත.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 18 දෙනකු සදහා ඇප මත මුදා හැරීමට නිතිපතිවරයා උපදෙස් දීමෙන් අනතුරුව ඉන් 16 දෙනකු ඊයේ මෙලෙස අධිකරණය මගින් මුදා හැරුණි.

    අයි. එස්. අයි. එස්. මතවාදයන්ට අදාළ පුහුණුවීම් සහ දේශන පැවැති හම්බන්තොට සිප්පිකුලම, නුවරඑළිය බ්ලැක්පූල් සහ කාත්තන්කුඩි කරඹලා නගර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල අවි පුහුණුව ලැබූවන් බවට කරුණු අනාවරණය වී ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img