කොළඹ -නුවර මාර්ගයේ කඩවත 09 කණුවේදී යතුරුපැදියක ගමන්කරමින් සිටි දෙදෙනෙකුට පසුපසින් හඹාගෙන පැමිණි යතුරුපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙක් ටී 56 අවියකින් වෙඩිතබා ඝාතනය කර තිබේ.
මෙම ඝාතනය ඊයේ රාත්‍රී 10.30ට පමණ සිදුව ඇති බව කැලණිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඩයස් මහතා සඳහන් කළේය.
ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 30 සහ 31 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක් බවත් ඔවුන් පෑලියගොඩ පදිංචිකරුවන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඝාතනයට ලක්වූවන් අතර හමුදාවෙන් පළාවිත් පාතාලයට සම්බන්ධව සිටින පුද්ගලයෙක් සිටින බවත් ඔහු මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයෙක් බවටත් පොලීසියට තොරතුරු ලැබී ඇත.
එම පුද්ගයා 2015 වසරේ දී පුද්ගලයෙක් කපාකොටා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් ටචෝදනා ලැබූවෙක් බවද පොලීසිය කියයි.
මෙම පුද්ගලයා ප්‍රධාන පෙලේ මත්කුඩු ඡාවාරම්කරුවන්ගෙන් මත්කුඩු ලබාගෙන මුදල් නොදී වංචා කිරීම් සම්බන්ධයෙන් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ උදහසට ලක්ව සිටි අයෙක් බවටද තොරතුරු ලැබී තිබේ. මෙම ඝාතනය ඒ හා බැදුණු සිදුවීමක් විය හැකි බවට පොලීසිය සැකකරයි.