Home උණුසුම් පුවත් වැට් බද්ද ඉහළට – කෙටුම්පත සම්මතයි

වැට් බද්ද ඉහළට – කෙටුම්පත සම්මතයි

වැට් බද්ද ඉහළට – කෙටුම්පත සම්මතයි

වැට් බද්ද සියයට 15% සිට 18% දක්වා ඉහළ දැමීමට අදාළ බදු සංශෝධන පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී තිබේ.

ඒ අනුව 2022 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුල්‍ය සේවා සැපයීම සඳහා වන එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරේ.

මීට අමතරව, කිසියම් වසංගත හෝ මහජන හදිසි අවස්ථාවකදී රජයේ රෝහල්වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර සහ ඖෂධ පරිත්‍යාග සඳහා පමණක් වැට් බද්දෙන් නිදහස් කිරීමට මෙම සංශෝධනය මඟින් ප්‍රතිපාදන සැලසේ.

රටේ බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ යම් අඩුවීමක් හෝ වැඩි වීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව නිසි ආර්ථික විශ්ලේෂණයක් කළ යුතු බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින්ගේ අදහස විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here