තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නගරාන්තර- දුරගමන්- විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගාස්තු ඉහළට

    නගරාන්තර- දුරගමන්- විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගාස්තු ඉහළට

    වහාම ක්‍රියාත්මක වන පරිදි
    නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රි සිට ඉහළ දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව ඇතැම් දුම්රියවල ගාස්තු සියයට 60 කින් සහ ඇතැම් ගාස්තු සියයට 50 කින් ඉහළ දමා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සදහන් කරන්නේ කාසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තම සංගමය විරෝධය පළකරන බවයි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුව ගාස්තු වැඩිකිරීම මාසයේ මුල් දිනයේ කළ ද ඉතිහාසයේ පළමු වරට වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිසි ක්‍රමවේදයකින් තොරව හිතුමතේ ගාස්තු ඉහළ දමා ඇති බවද ඔහු පැවසීය.

    එමෙන්ම ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානධිපතිවරු දැනුවත් නොකර, ප්‍රවේශපත් වෙන්කිරීම් කරන දුම්රිය ස්ථානවලට පමණක් අද අළුයම 1.00 ට දැනුම්දීමක් කර ඇති බවත් සෝමරත්න මහතා සඳහන් කරයි.

    මෙි අනුව සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ගාස්තු ද වැඩි කිරීමේ අවදානමක් පවතින බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img