Home දේශීය පුවත් උණුසුම් පුවත් සත්තු වත්තේ අධ්‍යක්ෂකවරියට එරෙහි විරෝධයක් – පශු වෛද්‍යවරයෙක් සහ රියදුරෙක් රෝහල් ගත කෙරේ

සත්තු වත්තේ අධ්‍යක්ෂකවරියට එරෙහි විරෝධයක් – පශු වෛද්‍යවරයෙක් සහ රියදුරෙක් රෝහල් ගත කෙරේ

0
සත්තු වත්තේ අධ්‍යක්ෂකවරියට එරෙහි විරෝධයක් – පශු වෛද්‍යවරයෙක් සහ රියදුරෙක් රෝහල් ගත කෙරේ

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයෙකුට සිදුවූ පහරදීමක් මුල්කරගෙන සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින සියළුම පශු වෛද්‍යවරු අද ලෙඩ නිවාඩු වාර්තාකර සේවයෙන් ඉවත්ව සිටියේය.

ප්‍රහාරයට ලක්වූ පශු වෛද්‍යවරයා මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම පහරදීම ඊයේ සිදුව ඇත්තේ රිදියගම සෆාරි උද්‍යානයේදීය.

සේවකයින් පිරිසක් විසින් තමාට පහරදුන් බව පශු වෛද්‍යවරයා සඳහන් කරයි. සෆාරි උද්‍යානයේ සේවකයෙක්ද සූරියවැව රෝහලට ඇතුලත්ව සිටින අතර ඔහු චෝදනා කරනුයේ පශු වෛද්‍යවරයා තමාට පහරදුන් බවය.

එම පහරදීම සිදුවන අවස්ථාවේ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය එම ස්ථානයේ සිට ඇති බව මේ සම්බන්දයෙන් කෙරන පොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබේ. මෙම ගැටුමට මුල අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව සේවක විරෝධයක් බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here